Sunday, October 11, 2020

එඩිසන් මහත්තයාගේ Cylinder Phonograph එක

 

තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන් කිව්වහම පොඩි එකෙක් උනත් දන්නවා. පොඩි එකෙකුට තියන කුතුහලය සහ මොකක් හරි ඇටවීමේ උණ නිසා ලෝකයට ලැබුණු විශිෂ්ඨ දේවල් බොහොමයි. ශබ්දය ගබඩා කරන්න එඩිසන් මහත්තයට හිතුණෙත් ඒ අනුවම තමයි. එඩිසන් මහත්තයාට මේ ගැන අදහසක් පහළ උනා කියන්නේ තවත් ඇටවුම් දෙකක් නිසා. ඒ ග්‍රෙහැම්බෙල් ගේ ටෙලිෆෝනය හා සැමුවෙල් මෝර්ස් ගේ ටෙලිග්‍රාෆ් මැෂින් එක නිසා.

Telegraph Machine

 

ටෙලිග්‍රාෆ් මැෂින් එකෙන් දිග කඩදාසි පටියක සටහන් කරන යම් රටාවක විදුලි පණිවිඩ සටහන් කිරීම සිදු උණා. මේක දැකපු එඩිසන් මහත්තයාට ටෙලිෆෝන් පණිවිඩත් සටහන් කරන්න(ගබඩා කරගෙන නැවත අහන්න ) උවමනා උනා. ටිකක් (ටිකක් කියන්නේ සෑහෙන්න ) කල්පනා කරන්න ඇති ඉතින්. මොකක් හරි හදන්න ඕනෑ උනාම කල්පනා කරන්න වෙන හැටි අපි දන්නවා නේ. ඉතින් එඩිසන් මහත්තයා කල්පනා කරේ 1877 අවුරුද්දේ.

කල්පනා කරලා කරලා කල්පනා කරමින් ඉන්නකොට අදහසක් පහළ උනා. මේ අදහස කැරකැවෙන සිලින්ඩරයක්. මේ සිලින්ඩරය වටා එතුන පැරෆින් ඉටි තැවරූ කඩදාසියක්. එඩිසන් මහත්තයා ට්‍රයි කරේ කටහඬ හෝ ශබ්දය මගින් කම්පනය කරවන වාතය යාන්ත්‍රික ක්‍රමයක් මගින් මේ පැරෆින් කඩදාසියට සටහන් කිරීම. ඉතින් සිලින්ඩරය කරකවන විට ඒ වටේ ඔතලා තියන පැරෆින් තැවරූ කඩදාසියේ රටාවක් කැපීම. ශබ්දයට වාතය කම්පනය කරන්න බලයක් තියනවා නම් ඒ කම්පනය වන වාතය මගින් සියුම් ඉදිකටුවක් කම්පනය කරවීම නේ. එතකොට මේ වේගයෙන් චලනය වන ඉදිකටුවෙන් පැරෆින් කඩදාසිය රටාවකට කැපෙනවා. ඒ රටාව ඔස්සේ නැවත ඉදිකටුව චලනය කෙරෙව්වොත්, ඉදිකටුව මගින් නැවට (තව මොනාහරි සම්බන්ධ කරල)වාතය කම්පනය කරොත් කලින් රටාව කැපූ ශබ්දය ම නැවත ඇහෙන්න ඕනෑ නේ. ඒ කියන්නේ මුලින් කල පියවරෙහි ප්‍රතිලෝම පියවර ක්‍රියාත්මක කරවීම. Playback කියන ඉංග්‍රීසි වචනයට සිංහලෙන් කියන්නේ "පිළිවැයීම" කියලා නෙ. එතනත් ඒ අදහස තියනවා.

පැරෆින් තවරපු කඩදාසිය එච්චර ශක්තිමත් උනේ නැහැ. කොහොමත් ඉරෙන්න ඇති. ඒ නිසා එඩිසන් මහත්තයා මේකේ වෙනසක් කරා. ඒ ලෝහමය සිලින්ඩරයක් වටේ තුනී ටින්- පතුරක්(tin-foil) එතීමෙන්. මේ සැරේ ප්‍රාචීර(Diaphragm) දෙකක් සහ ඉදිකටු(needle) දෙකක් යොදා සකස් කරලා තිබුණා. ඒ රෙකෝර්ඩීං සහ පිළිවැයුම් වශයෙන්. රෙකෝඩිං ප්‍රාචීරයට ඇහෙන්න කතා කරන විට කැරකෙන සිලින්ඩරයේ ඔතලා තිබුණ ටින් පතුරේ සිරස් අතට රටාව කැපුණා. මේක පරික්ෂා කරන්න මේකට මුලින්ම කෑගහලා කිව්වේ කියනMary had a little lamb- nursery rhyme එක.

මේ ගැජට් එකේ සටහනක් ඇඳපු එඩිසන් මහත්තයා තමන්ගේ කාර්මිකයා තනතුර හොබවපු ජෝන් කෲසි ට දුන්න හදපන් කියලා පිළිවෙලකට. කෲසි මේක පැය 30ක් ඇතුළත හදලා දුන්නා. මේ වෙලාවෙ තමයි Mary had a little lambටෙස්ට් කරේ. මැෂින් එක නැවත ඒ වචන ප්‍රතිවාදනය කරා.

Basic Sketch


පිළිවෙලකට ඇඳපු එක

කෲස් මහත්තයා හදපු එක (ප්‍රතිනිර්මාණයක්)


මෙන්න වැඩකරපු හැටි


ඔන්න ඔහොමයි අපිට අද සිංදු අහන්න මාර්ගය පෑදුනේ. මේ තාක්ෂණය අතේ බඳින සුහුරු (Smart)ඔර්ලෝසුවක හරි අත්ල උඩ තියාගන්න පුලුවන් තරම දක්වා හරි  දියුණු කරවන්න මූලික පදනම දාලා දුන්නේ තෝමස් එඩිසන් මහත්තයා.

Today

 

 

එඩිසන් විසින් ඉතිරි කරන ලද හිදැස පිරවීමට ගොඩක් අය ඉදිරිපත් උනා. 1880 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනය සොයා ගැනීම වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ඩොලර් 10,000 ක වෝල්ටා ත්‍යාගය දිනා ගත්තා. බෙල් සිය ජයග්‍රහණයන් තවදුරටත් විදුලි හා ධ්වනි පර්යේෂණ සඳහා රසායනාගාරයක් පිහිටුවීමට යොදා ගත්තා ඔහුගේ ඤාති සහෝදරයා වන චිචෙස්ටර් ඒ. බෙල්, රසායනික ඉංජිනේරුවරයෙකු හා විද්‍යාඥයෙක් හා උපකරණ නිෂ්පාදකයෙකු වන චාල්ස් සුමනර් ටේන්ටර් සමඟ එකට වැඩ කළා. ඔවුන් එඩිසන්ගේ නව නිපැයුමේ යම් යම් වැඩි දියුණු කිරීම් සිදු කළ අතර, ප්‍රධාන වශයෙන් ටින් තීරු වෙනුවට ඉටි සහ සිලින්ඩරයට ඇතුල් කිරීමට වඩා දෘඩ ඉඳිකටුවක් වෙනුවට පාවෙන ස්ටයිලස් භාවිතා කිරීමෙනි. 1886 මැයි 4 වන දින සී. බෙල් සහ ටේන්ටර්ට පේටන්ට් බලපත්‍රයක් ප්‍රදානය කරන ලදී. මෙම යන්ත්‍රය ග්‍රැෆෝනය (ග්‍රැමෆෝනය නෙවෙයි) ලෙස මහජනයාට ප්‍රදර්ශනය කරන ලදී. එඩිසන් මහත්තයා නිෂ්පාදනයට හවුල් කරගන්න හැදුවත් ඒ අවස්ථාව එඩිසන් මහත්තයා මගඇරියා. ඒ තාපදීප්ත පහන හදන්න උත්සාහ කරපු නිසා. ඔහුගේ ආරම්භක කාර්යය, බෙල් සහ ටේන්ටර් විසින් විශේෂයෙන් ඉටි සිලින්ඩර භාවිතා කිරීමේදී සිදු කරන ලද වැඩිදියුණු කිරීම් සමීපව අනුගමනය කළ අතර එය නව ෆොනොග්‍රැෆ් නම් කරා

පත්තරේ දාපු ඇඩ් එකක්




සිලින්ඩරයක්


 
වෙලඳපොළට දාපු නිමැවුම



මෙතනින් එහා දියුණුව ගැන ත් කතා කරමු.

එඩිසන් මහත්තයාගේ Cylinder Phonograph එක

  තෝමස් අල්වා එඩිසන් තෝමස් අල්වා එඩිසන් කිව්වහම පොඩි එකෙක් උනත් දන්නවා . පොඩි එකෙකුට තියන කුතුහලය සහ මොකක් හරි ඇටවීමේ උණ නිසා ල...